FAST NEWS

24×7 Around the Globe

ජනපති අද නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් අද (27) පස්වරුවේදී ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී දේශපාලන තත්ත්වය සහ ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරය පිළිබදව සාකච්ඡා කෙරෙනු ඇති බව නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක කියා සිටියේය.

ජනාධිපතිවරණයේදී නිදහස් පක්ෂය ගන්නා තීරණය මෙතෙක් දැනුම් දී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතව ඇත.