FAST NEWS

24×7 Around the Globe

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාවණා – 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ(26) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ ආදරණීය මෑණියන්, ඔහු අධ්‍යාපනය ලැබූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා ආදි සිසුන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියෝය.

“මම මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්. මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපදවූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා. අපි තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවේදීම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා.” ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.