(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය හැර ගිය රැසකගේ සහය දැන් එක්සත් ජාතික පක්ෂයට ලැබෙමින් තිබේ.
ඒ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමත් සමඟය.
පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකද ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීමට කැමැත්ත පල කළේය.
එසේම ඊයේ (26) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු අමාත්‍ය උපාලි පියසෝම, යළි ‘සිරිකොත’ පක්ෂ මුලස්ථානයට පැමිණ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමුවී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රියව දායකවීමට එකඟත්වය පළකර ඇත.
මේ අනුව පෙනී යන්නේ පක්ෂය පිළිබඳ කලකිරී පක්ෂය හැර ගිය බොහෝ දෙනා යළි එක්සත් ජාතික පක්ෂය වටා එක්රොක් වන බවයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂය හැර ගිය මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂයේ හිටපු ක්‍රියාකාරීන් යළි ඒකරාශි කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඇත.
ඊට අදාල කමිටුව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වේ.








