(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ලැබුණු අපේක්ෂකත්වයත් සමඟ මාතෘ භූමිය නව යුගයක් කරා ගෙන යාමට සූදානම් බව අවධාරණය කරයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මාතෘ භුමිය නව දිශාවක් කරා යොමු කරවමින් අලුත් ආරම්භයක් සහ මනුෂ්‍යත්වයට මුල්තැන දෙන යුගයක් නිර්මාණය කිරීමට තමා සැදී පැහැදී සිටින බවයි.
තමා හොඳින් හඳුනනා පුද්ගලයින් දන්නා බවත් මොනම සන්ධානයකින් පවා පවසනා කිසියම්ම දෙයක් ඔහුට අදාල නැති බවත් එක්සත් ජාතික පෙරමුණ රජය 2015 දී ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ඒකීය ශ්‍රී ලංකාව තුල උපරිම බලය බෙදීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කර සිටියේය.
https://www.facebook.com/sajithpremadasa/videos/2412156222365115/?t=3








