(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධික වර්ෂාවත් සහ ඒ හේතුවෙන් ඇතිවූ ගංවතුර සමග රෝග පැතිර යාමේ අවදානමක් පවතින බැවින් අනවශ්‍ය ලෙස ජලයට බැසීමෙන් වළකින ලෙසත් , කුඩා ළමුන් , රෝගී පුද්ගලයන් මෙන්ම වයස්ගත පුද්ගලයන් ගංවතුරට නිරාවරණය වීමෙන් රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
පසුගිය දින කීපය පුරාම ඇදහැලුන අධික වැසි හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අද පස්වරු කාලයේත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරයි.









