FAST NEWS

24×7 Around the Globe

මෙවර මැතිවරණයේදී මාධ්‍ය හැසිරවීම බලාගෙනයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය පැවත්වීමේදී  රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරම් වලින් යම් බාධාවක් එල්ල වුව හොත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට සුදානම් බව මැතිවරණ කොමිසම පවසයි .

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මාධ්‍ය වලින් එල්ල වන බලපෑම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා එල්ල වුව හොත් එම නාලිකාවල සංඛ්‍යාත භාරකාරීත්වයට එරෙහිව යම් පියවරක් ගත හැකි බවයි.

පෞද්ගලික නාලිකා වලටද මුදල් යෙදු පමණින් මැතිවරණයට යම් බලපෑමක් එල්ලවිය හැකි ප්‍රකාශ හෝ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපාය මාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවති සංවාදයකට එක වෙමිනි.