FAST NEWS

24×7 Around the Globe

වර්ජනය මධ්‍යයේ දුම්රිය කිහිපයක් ධාවනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට දුම්රිය සේවකයින්ගේ වර්ජනය පැවතුණ ද කාර්යාල දුම්රිය 10ක් අද(27) කොළඹ කොටුව බලා ධාවනය කෙරේ.

ගාල්ල සහ හලාවත සිට කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කෙරෙන අතර වේයන්ගොඩ, මහනුවර, පොල්ගහවෙල, මහව, කුරුණෑගල සහ අවිස්සාවේල්ල සිට එක් දුම්රියක් බැගින් ධාවනය වේ.

ඊයේ(26) දිනයේදී ධාවනය වූයේ කාර්යාල දුම්රිය 12ක් පමණක් වන අතර වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් පෙරේදා (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂකවරුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත.