දෙමළ ජාතික සන්ධානයේ නායකයින් තමන් සමග අමනාප වී ඇති බවට ප්‍රචාර සිදුකරමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර ගැටුම් ඇති කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ අර්බුදයක් පවතින බවට පැතිර යන ප්‍රචාර වලට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයට සහභාගී නොවීම හේතුවෙන් සන්ධානයේ පක්ෂ නායකයින් හා නියෝජිතයින් තමන් සමග අමනාප වී ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කර ඇති බව විග්නේෂ්වරන් පවසයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි විරුද්ධත්වයක් දෙමළ ජාතික සන්ධානය තුළින් තමන් වෙත ඉදිරිපත්ව නොමැති බවයි.
විග්නේෂ්වරන් තවදුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් තමන් සමග සුහදව කටයුතු කරන බවයි.







