FAST NEWS

24×7 Around the Globe

ගාල්තැන්න දේවාලයකින් කෝටි පහක රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයකින් කෝටි 05 කට අධික වටිනා රන් කිලෝග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සොරා ගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

ඊයේ (25) අලුයම ඇතුළුවූ මෙම කොල්ලකරුවන් පිරිස එහි දේවගැතිවරයා හා සහායකයයන්ගේ ගේ දෑත් බැඳ මෙම සොරකම සිදුකර ඇත.

මංකොල්ලය සදහා තියුණු ආයුධ සහිතව සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.