FAST NEWS

24×7 Around the Globe

වර්ජනය අතරතුර දුම්රිය 06ක් ගමනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් අද(26) උදෑසන ධාවනයට එක් කර ඇත.

කාර්යාලීය දුම්රිය හයක් මෙලෙස ධාවනයට එක් කළ බව එහි ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පවසා සිටියේ යි.

මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල, මහව, කුරුණෑගල, හලාවත සිට මෙලෙස උදෑසන දුම්රිය ධාවනයට එක් කළ බවට වාර්තා වේ.