FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ අනතුරකින් පස් දෙනෙකු රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර 85 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී එම රථය පෙරලීයාමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. 


පවතින වර්ෂාව මධ්‍යයේ එම රථය අධික වේගයෙන් ධාවනය කළ හෙයින් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර , සිද්ධියෙන් තුවාල ලැබුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.