(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි ජනපතිවරණ අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නම් කර තිබුණ ද අග්‍රාමාත්‍ය වරයා ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට ඔහු එකඟ නොවන බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එජාප නායක හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවක දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හට අපේක්ෂකත්වය ලබා දීමට තීරණය කර ඇති අතර පක්ෂයේ නියෝජ්‍ය නායකයා හට ජනපති අපේක්ෂකත්වය ලබා දීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම, පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ සන්තකයේම තබා ගැනීම, මහ ලේකම්, උප නායක ආදී පක්ෂයේ තනතුරු දරන පුද්ගලයින් වෙනස් නොකිරීම, එම කොන්දේසි වලට අයත් වේ.
අදාළ කොන්දේසි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හට ලිඛිත ලබා දීමට කටයුතු කර ඇති බවත් ඔහු ඊට එකඟ වන්නේ නම් 26 බ්‍රහස්පතින්දා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඔහුට අපේක්ෂකත්වය ලැබෙනු ඇතැයි එජාප ආරංච් මාර්ග පවසයි.
කෙසේ වෙතත් හෙට(26) පැවැත්වෙන කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.








