තිස්ස යලිත් එජාපයට

තිස්ස යලිත් එජාපයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඊයේ (24) විශේෂ නිවේදනයක් නිකුත්කරමින්, පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස ඇරයුම් කර තිබේ.

අමාත්‍යවරයා විසින් පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායකට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටින බවට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී තිස්ස අත්තනායක පවසා සිටියේ අද(25) පස්වරුවේ තම ස්ථාවරත්වය සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්චා කිරීමට නියමිත බවයි.