FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙක් නෙරපා හරියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂයේ පාලනාධිකාරිය විසින් විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට ක‍්‍රියා කර ඇත.

මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිත අතර පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සම`ග එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග වැඩිදුරටත් දන්වා සිටියි.