FAST NEWS

24×7 Around the Globe

යෝෂිත රාජපක්ෂ යළිත් නාවික හමුදා සේවයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටි නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇත. 

ජනාධිපතිවරයාගේ අනුමැතියට අනුව 2016 වසරේ පෙබරවාරි 28 වනදා සිට මොහු යළි සේවයේ පිහිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ අත්සන් තැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

ලුතිතන් යෝෂිත රාජපක්ෂ වැඩ තහනමකට ලක්කෙරුණේ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධ නඩු විභාගයක් පැවැත්වීම හමුවේ ඊට සහය දැක්වීමක් ලෙසටයි.