FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාළගුණයෙන් දිස්ත්‍රික්ක අටක ජනතාව පීඩාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ල වී තිබෙන  බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. 

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී  ඇති අතර , පවුල් 20,815 කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඕනෑම ආපදා තත්ත්වයට මුහුණුදිම සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ නිරතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවිමක් හෙට (26) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.