FAST NEWS

24×7 Around the Globe

ඕනෑම හදිසි ආපදාවක් දැනුම්දීම සඳහා දුරකථන අංක 2ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, ඕනෑම ආපදාවකදී 011 2 587 229 සහ 011 2 454 576 යන පොලිස් පරිසර නාවික ආපදා කළමණාකරණ දිසාවේ දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම, ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක හා ආපදා සහන නිලධාරීන් 150 දෙනෙකු කළුතර, ගාල්ල සහ මාතර පොලිස් කොට්ඨාශ වෙත යොමුකර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ කිමිදුම් පුහුණුව ලැබූ නිලධාරීන් 50 ක්ද අවශ්‍ය ස්ථාන වෙත යොමුකිරීමට පොලිස් නාවික කොට්ඨාශය සූදානම්ව සිටින අතර එම කොට්ඨාශය සතු යාත්‍රා 50 ක් සහ ඔරු 35ක්ද යොමුකර තිබෙන බවයි.