FAST NEWS

24×7 Around the Globe

හොරොව්පතාන සාමනේර හිමිවරුන් දෙනමට පහරදුන් සැකකරුට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් දෙනමට අමානුෂික ලෙස පහර දුන් චමින්ද ගලබොඩ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ, පදවිය සංචාරක මහේස්ත්‍රාත් හර්ෂණ අල්විස් හමුවට අද (24) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථයකට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවත් සැකකරුට ඇප ලබාදීමට සාමනේර දෙනමගේ විරුද්ධත්වයක් නොමැති බවත් පොලීසිය එහිදී දැනුම් දෙන ලදී.