(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 12 කට අදාළ ප්‍රායෝගික පරික්ෂණ අද(24) ආරම්භ විය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසන ආකාරයට පවතින අධික වැසි සමඟ ජල ගැලීම් හෝ වෙනත් ආපදා තත්ත්වයකට ලක් වන සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ වෙනත් දිනක පැවැත්වීමට පියවර ගෙන තිබේ.
ඒ පිළිබඳ පවතින ගැටලු 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකිය.








