(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතව තිබේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත්ව රජයට පවරා ගැනීමක් නොමැතිව රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටිනු ලැබේ.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වෙයි.








