(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
දිවයිනේ බොහෝ පළාත්වලට ඇදහැලෙන වැසි සහත කාලගුණය හෙට (25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැක.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.
අද (24) පෙරවරු 3.30 වන විට වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයෙන් මිලිමීටර් 219.1 ලෙස වාර්තා වී ඇත.
මේ අතර, දිවයිනට බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.
එමෙන්ම සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යෑමට ඉඩ ඇති බැවින් මුහුදු ප්‍රදේශවල ක්ෂණික රළු වීමට ඉඩ පවතියි.
ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ පිළිබඳ විශේෂ අවධානයෙන් සිටින්‍නැයි කාලගුණ අංශ නිවේදනය කරයි.
පුත්තලමේ සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇති වෙයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, සුළංඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.








