(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වුවද තමන් සුදානම් බව පවසයි.
ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකු ඉදිරියේ දනින් වැටිය යුතු නැති බව අවධාරණය කරන අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඊට පුර්ණ සහයෝගය ද ලබා දෙන බව වැඩිදුරටත් පැවසුවේය.
කුමාර වෙල්ගම මහතා ඊය(22) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රීක් සම්මේලනයෙන් පසුව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින්මේ බව ප්‍රකාශ කර ඇත.








