FAST NEWS

24×7 Around the Globe

සජිත් අද ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ රජයේ දූෂණ වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කැඳවා තිබේ. 

ඒ මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා පත්වීම් දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධවයි.

සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 20 වනදා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබුණ ද එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඔහුගේ නීතීඥයින් කොමිසමට දැනුම් දී තිබුණි.