(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය විධායක නිලධාරීන් සඳහා පමණක් දීමනා වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට විරෝධය පල කරමින් වෘත්තීය සමිති සාමාජිකයින් අද (23)අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීවරුන්, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීවරුන් ඇතුළු වෘත්තීය සමිති 18ක සාමාජිකයින් විශාල පිරිසක් සහය පල කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විධායක නිළධාරින් සඳහා පමණක් දීමනා ලබාදීමට ගෙන ඇති තීරණය තුළින් සමස්ත රාජ්‍ය සේවයේම බරපතල වැටුප් විෂමතාවක් ඇති වන බව වැඩි දුරටත් වාර්තා වේ.
මේ අතර දින කිහිපයක් පුරා පැවති රාජ්‍ය විධායක නිලධාරීන් අකුරට වැඩ කිරීම තවදුරටත් සිදු කෙරෙන අතර අද(23) දින පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබේ.
මිට හේතුව වන්නේ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් රාජ්‍ය පරිපාලන ලේකම් වරයා සමඟ කරන ලද සාකච්චාවකදී හෙට(24) දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔවුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට දැනට අමාත්‍ය මණ්ඩලයට ඉදිපත්කර ඇති යෝජනා සහ වෘත්තීය සමිති ඉල්ලීම් සළකා බලා ස්ථිර විසඳුම් ලබා දෙන බවට එකඟ විමයි.
තවද එහිදී දැනට ලැබෙන කිසිදු දීමනාවකට අගතියක් නොවන පරිදි එම දීමනා ලබා දීමට එකඟත්වය පලවුන අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අදාල සියලුම සේවා නිලධාරීන් සඳහා ශ්‍රේණි බේදයකින් තොරව එක සමාන දීමනාවක් ලබා දීමට ද එකඟත්වය පළවිය.










