(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට කටුවන – හොරේවෙල මංසන්ධියේදී පොලීසිය විසින් එහි රෝදයකට වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී මෝටර් රථය තුළ සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ රථය නවත්වන ලෙස සංඥා කළත් එය
නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්නකිරීම්වලදි අනාවරණ වී ඇත්තේ මොවුන් සොරකම් කරන ලද ගවයා මාතර ප්‍රදේශයට ප්‍රවාහනය කර නැවත පැමිණෙමින් සිට ඇති බවයි.








