FAST NEWS

24×7 Around the Globe

නිල්වලා ගගේ ජල මට්ටම ඉහළට – ජනතාවට අනතුරු ඇගවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට ඇතිවිය හැකි ගං වතුර තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  

නිල්වලා ගගේ පිටබැද්දර ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ යාමක් වාර්තාවී ඇත.

පානදුගම සහ ඌරුව ප්‍රදේශයේ සුළු ගං වතුර තත්ත්වයක් වාර්තාවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බැවින් දෙපස ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.