FAST NEWS

24×7 Around the Globe

එළඹෙන සඳුදා දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු [PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විධායක ස්වාවන් සඳහා රු. 50,000/= ක දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාවකට මුදල් අමාත්‍යංශයේ නිර්දේශ සහිතව 2019.09.24 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ හේතුවෙන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් එළබෙන සඳුදා(23) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය සේවාව යනු විවිධ සේවා වලින් සැදුම් ලත් සාමූහික ක්‍රියාවලියක් වන අතර රාජ්‍ය සේවයේ එක් සේවාවක් වන විධායක ස්වාවන්ට පමණක් එලෙස දීමනාවක් ලබා දීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහයේ දැඩි විෂමතාවයක් ඇති විම තුලින් අනෙතුත් සියළු සේවාවන් සදහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ඔවුන් සඳහන් කරයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිතියට අයත් සංගම් 18ක් පමණ එදින මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයේ දීමට සුදානම්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.