FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවකයින්ගේ අකුරට වැඩ කිරීම අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වෘත්තිය සමිති විසින් ගැටළු විසදීමට සාකච්ඡා පැවැත්වෙන හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් විෂමතා ගැටලූවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිට දුම්රිය සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විය.