(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් නීතිපතිවරයා අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය යුතු බව පවසා සිටියි.
ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාගෙන් කරුණු විමසීමට තමාට හැකියාවක් පවතින බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තලතා අතුකෝරාල අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
ඇවන්ගාඩ් සමාගමේ නිශ්ශංක සේනාධිපති මහතා විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන කාලයේ ඔහු දිල්රුක්ෂි ඩයස් මහත්මිය සමග සිදු කළ දුරකතන ඇමතුමක් ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි.








