(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුදන්වූවන්ගේ පවුල්වලට නොවැම්බර් මාසයේ සිට රුපියල් 6000 ක අතුරු දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම දීමනාව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ යෙදී සිටියදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා ගත හැකිය.
මෙම අතුරු සහනය තම පවුලේ සාමාජිකයෙකු අතුරුදන්වූ බවට ප්‍රවාස සහතිකයක් ඉදිරිපත් කරන පවුල්වලට ගෙවීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.








