FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි නියෝජිතයින් මීට සුළු මොහොතකට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කරනු ලැබීය. 


ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.