FAST NEWS

24×7 Around the Globe

වත්තල රෙදි අලෙවිසැලක් ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(20) උදෑසන 6.30ට පමණ වත්තල – හේකිත්ත මං සන්ධියේ මහල් 3කින් සමන්විත රෙදි අලෙවිසැලක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, වත්තල පොලීසිය සමඟ එක්ව ගින්න මැඬ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.