FAST NEWS

24×7 Around the Globe

ගාලු කොටුවට හානි කල අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාලු කොටුවේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක බිත්තියකට හානිකර අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

එම ගොඩනැගිල්ලේ බිත්තියකට හානිකර අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මෙම පුද්ගලයාට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවා ඇති අතර, රුපියල් පනස් දහසක දඩයක් ගෙවන ලෙසට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ නියෝග කර ඇත.

මෙම සැකකරුට එරෙහිව පුරාවස්තු ආරක්ෂණ ඒකකය විසින් නඩු පවරනු ලැබීය.