FAST NEWS

24×7 Around the Globe

හඬ සාම්පල ලබාගැනීමට කංජිපානි අද රස පරීක්ෂක හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් කටහඬ සාම්පල ලබාගැනීම සඳහා අද (19) රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, කෙසෙල්වත්ත පොලිසියට නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා (17) ලබාදුන් නියෝගයකට අනුවයි.