ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීය
ඒ අනුව 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.







