(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වුවද ඇතැම්විට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අද(18) ප්‍රකාශ කරන ලදී.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් එය එසේ සිදුවිය හැකි බවද එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා බලාපොරොත්තු වන බවද එම මහතා වැඩිදුරටත් කියා සිටියේය.








