(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (17) නවගමුව, ජයමාවත සමගි මාවතේ බුදු මැදුරක් පසුපස තිබී විදේශ රටක නිශ්පාදිත 9MM වර්ගයේ පිස්තෝල අවියක් හා හිස් පතරොම් ගැබක් සොයාගෙන තිබේ.
පසුගිය 17 දා හැංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමට යොදගත් ගිනි අවිය මෙය බවට පොලීසිය සැකකරයි.








