FAST NEWS

24×7 Around the Globe

කිංග්ස්බරි බෝම්බ කරුගේ මළ සිරුර වල දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර ඇත.

එම දේහය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇති අතර ප්‍රහාරකයාගේ මෘත ශරීරය භාර ගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

බොරැල්ල කොට්ඨාශ භාර ග්‍රාම නිලධාරිවරයාට අදාළ කටයුතු පිළිබඳ වාර්තාවක් දැනුම්දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.