ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඉන්දීය තෙල් සමාගම වෙත කුලී පදනම මත වාණිජ ව්‍යාපෘතියක් සඳහා ලබාගැනීමට ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කර ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා මෙකී තෙල් සංකීර්ණය ලබාගැනීමට ඉන්දියන් ඔයිල් සමාගම ව්‍යාපෘති සැලස්මක් ඉදිරිපත් කර ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය මීට ප්‍රතිචාර දක්වා නැති බැවින්, එය ලබාගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කර ඇති බව වාර්තා වේ.
මෙකී තෙල් ටැංකි 99 ක් පවතින අතර, ඉන් 15 ක් දැනට තෙල් ගබඩා කිරීම සඳහා ඉන්දීය සමාගම විසින් භාවිත කරනු ලබයි.
ශ්‍රී ලංකා ඉන්දීය සමාගම සමග මෙකී තෙල් ටැංකි සඳහා බදු ගිවිසුමක් ඇතිකර ගැනීමට මිට ඉහත එකඟතාවය පළ කර ඇත.
ඒ අනුව මෙය ලබාගැනීම සඳහා ඉන්දියාව සිය රාජ්‍ය ශක්තිය මෙහෙය අරභා ඇත







