FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානුවන් දෙදෙනෙක් දිවි ඇති තෙක් සිපිරිගෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත. 

මෙම සැකකරුවන් දෙදෙනාට එල්ල වූ චෝදනා සියල්ලන්ටම වරද පිළිගැනීමෙන් අනතුරුව ඊයේ දිනයේ මෙම සිර දඬුවම් නියම කර ඇති අතර , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව මගින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

එක් ඉන්දීය ජාතිකයෙකු 2017 වසරේදී හෙරොයින් ග්‍රෑම් 212 ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබූ අතර, අනෙක් ඉන්දීය ජාතිකයා 2016 වසරේදී හෙරොයින් ග්‍රෑම් 838 ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණි.