(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.
සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඩී.බී. හේරත් මහතා පත්කළ අතර , චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මනෝජ් සිරිසේන මහතා පත්කරනු ලැබීය.
ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ඒ මහතාම යළි පත් කළේය.








