FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුම අදයි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබෙනවා.

දෙස බස රැස සුරකින සිසු පරපුරක් යන තේමාව ඔස්සේ අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දින සැමරුම දිවයින පුරා පැවැත්වීමටයි රජය තීරණය කර ඇත්තේ. එමෙන්ම අද දින සිට ලබන 20 වනදා දක්වා සතියක කාලයක් ශ්‍රීමත් අනගාරික ධර්මපාල සතිය යනුවෙන්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි ප්‍රධාන සැමරුම අද උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.