FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය ඡන්දයට විරුද්ධව පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡන්ද දායකයින් තිදෙනෙකු විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.