FAST NEWS

24×7 Around the Globe

ආබාධිත රණවිරුවන් තවදුරටත් සත්‍යග්‍රහයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන් සිය ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තුරු තවදුරටත් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වීමට නියමිතයි.

ඊයේ(16) දිනයේ නියෝජිතයන් කිහිපදෙනෙකු සාකච්ජාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අතර ඔවුන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලැබුණු නැති නිසාවෙන් ඔවුන් මෙලෙස කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වන 7 වන දිනය අද බවට වාර්තා වේ.

ජීවිතාන්තය දක්වා සියලු වැටුප් හා දීමනා ලබාදීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද(17) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ආරක්ෂක අමාත්‍යාංශයේදී ප්‍රකාශ කර ඇත.

මේ අතර ඊයේ දිනයේදීත් සිවිල් සංවිධාන, පූජ්‍ය පක්ෂය ඇතුළු තවත් පිරිස් රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට නිරත වන ස්ථානයට පැමිණ තිබීම විශේෂත්වයකි.