ලංකාවේ වෛද්‍යවරු ඉංජිනේරුවරු සූදු ක්‍රීඩාවේ – මහා පරිමාණ සූදු පොලක් වටලයි 

ලංකාවේ වෛද්‍යවරු ඉංජිනේරුවරු සූදු ක්‍රීඩාවේ – මහා පරිමාණ සූදු පොලක් වටලයි 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා පරිමාණ අයුරින් පවත්වාගෙන ගිය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස පවත්වාගෙන සූදු පොළක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබේ.

ගම්පොළ, උලපනේ, උඩගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමත් සමඟ මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් මෙලෙස සංවිධානාත්මකව දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල අදාළ සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සෑම ඉරිදා දිනකම සහ නිවාඩු දිනවල මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර පොලීසිය විසින් අදාළ සූදු පොළ පවත්වාගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගතහොත් ඔවුන්ට ඇප ලබාදීම සඳහා ද තවත් පිරිසක් සූදානමින් සිටින බව වැඩි දුරටත් සඳහන් වේ.