(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව කරුණු හුවමාරු කර ගැනෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය සූදානමින් වනුයේ අග්‍රාමාත්‍යවරයා සමඟ අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරිමටයි.
පෙරේදා රාත්‍රියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සහ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුලු අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා පවසයි.








