(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි කොමිසම හමුවට පැමිණ තිබේ.
2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සිතාසි අනුව අගමැතිවරයා එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා එම කැඳවීම සිදුකර තිබුණි.








