(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද(16) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ .
එම කැඳවීම සිදුකර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහායි.
අග්‍රාමාත්‍යවරයාගෙන් මෙලෙස සාක්ෂි විමසීම අද පෙරවරු 09.30ට සිදු කිරීමට නියමිතව ඇත.








