FAST NEWS

24×7 Around the Globe

ගිගුරුම් සහිත වැසි තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක වෙයි.

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.