FAST NEWS

24×7 Around the Globe

හංවැල්ල වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(16) රාත්‍රීයේ හංවැල්ල-ඇඹුල්ගම හංදියේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රථීකාර ලබමින් සිටි තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බවට වාර්තා වේ.

රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 ක පුද්ගලයෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

අවිස්සාවේල්ල රෝහලට වෙඩි තැබීමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ඇතුලත් කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ රාත්‍රි 9.15ට පමණ හංවැල්ල – පරණපාර ඇඹුල්ගම මංසන්ධියේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.